රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ප්‍රවීණ සාහිත්‍යධර ඒ.වී. සුරවීර මහතා අද (14 දා) අලුයම අභාවප්‍රාප්ත විය.1930 ඔක්තෝම්බර් මස 29 වැනි දින උපත ලද සුරවීර මහතා මිය යන විට 83 වන වියේ පසුවිය. හෙතෙම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කළයුතු කර ඇති අතර, නිර්මාණකරණයටත්, ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවලට සමාජ චින්තනයට අදාළව බොහෝ වැඩකටයුතු කළ විශ්වවිද්‍යාල පද්ධතියේ බිහිවුණු උගතෙකු ලෙස ඒ.වී. සුරවීරයන් දැක්වීමට පුළුවන.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව පාඨමාලාව ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුද්ගලයා ඒ.වි. සුරවීරයන්ය. සදා මෙලෙස පුර දෙරණේ, පෑදි දියට බොර දිය, අත්ත බිඳෙයි පය බුරුලෙන්, හෙයියම්මාරුව, ගොදුරු ලොබ, බවතිමිර ඇතුළු සුප්‍රකට නවකතා, කෙටිකතා පරිවර්තන සංග්‍රහ රැසක් නිර්මාණය කර තිබේ.දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.