ඒකාබද්ධ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ප්‍රථම වරට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඊයේ (02දා) රාත්රියේදී පැවැත්විණි.
මෙහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳවත්, ආණ්ඩුවට එරෙහිව පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මේ පිළිබඳව අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා,
“අපි මූලිකව සාකච්ඡා කළේ මේ සතියේ පාර්ලිමේන්තුවේ තියෙන වැඩ ගැන. ඊළඟට ආණ්ඩුවට එරෙහිව කරගෙන යන උද්ඝෝෂණ රැස්වීම් කොහොමද ඉදිරියට කරන්නේ කියලා අපි එහිදී සාකච්ඡා කළා. ආණ්ඩුවෙන් කරන මර්දනය ගැන සාකච්ඡා කළා. කණ්ඩායම් නෑ. එකම කණ්ඩායමයි ඉන්නේ.”
චන්දිම වීරක්කොඩි මහතා,
“අපි විපක්ෂයේ කාර්ය භාරය විපක්ෂයේ භූමිකාව ඉටුකරන්න බැඳිලා කැපවෙලා ඉන්නවා. ජනාධිපතිතුමා විපක්ෂයේ නෙමෙයි ඉන්නේ.”
විමල් වීරවංශ මහතා,
“අපි පළමු වතාවට 70කගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුවා. වැදගත් තීරණ රැසක් ගත්තා. පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය වෙන්නේ අපිත් එක්ක. ඒ බහුතරයට අයිති අයිතිවාසිකම් අනිවාර්යෙන් ලබාගැනීම පිළිබඳව වගේ ගොඩක් තීරණ ගත්තා. ඉදිරි කාලය තුළ ඒ ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වෙයි.”
මෙහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නිව්යෝක් ටයිම්ස් පුවතෙන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙසේ අදහස් දැක්වීය,
“එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනපතිවරණ ව්‍යාපාරයේ හිටපු සන්ධානයේ ලේකම්වරයා ලෙස ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ චෝදනාව අපිට පිළිගන්න බෑ කියලා. අපි ඉදිරිකාලයේදී ඒකට අවශ්‍ය නෛතික කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

-
Ruwan Tuesday, 03 July 2018 01:07 PM
අපිට ඔබලාගේ කිසිම නැවුම් බවක් පෙන්න නැත. දිරාපත්වෙමින් යන යල්පැන ගිය අදහස් ඇති චන්ද දෙකකදීම පරදිසිටින කණ්ඩායමක් ලෙස ඔබලාව නම් කිරීමටනම් අප කැමැත්තෙමු. යහපාලනයට බලෙන් එකතුවූ ඔබලාගේ පිරිස එහි චන්ද පදනමට කිසිම ලෙසකින්වත් දායක නොවූ පිරිසකි. නව එක්සත් ජාතික පක්ෂය 2015 සිටියාට වඩා ඉතාමාත් ශක්තිමත් බව ඔබලා මෙන්ම අපත් දන්නා ප්‍රසිද්ද්ද කාරණාවකි. එමනිසා ඔබලා නත්හුව එක්සත් ජාතික පක්ෂයට තනිව වුවද මීළඟ මැත්වරණයේදී යහපාලන අදහස් පෙරට ගෙනයාමට හැකියාව ලැබෙනු ඇති.
Reply : 2 197
Champa Tuesday, 03 July 2018 06:55 PM
එජාපෙ හරිම නැවුම් රනිල්ගේ මූණත් එක්ක!!!! අඩු ගානේ ඒකාබද්ධ විපක්ෂේ විවිධ මූණු තියෙනව. යූඑන්පි එකේ තියෙන්නේ එක මූණයි. එකම මූණ නැවුම් කියලද කියන්නේ? පව් අප්පා. කැවුම් මූණ පාක්ෂිකයන්ට එපා වෙලා ඉවරයි. හැබැයි ඒකාබද්ධ විපක්ෂේ මූණු එපා කියලා කවුරුවත් කියලා නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

