ඒකාබද්ධය ළඟ පාතාල සාමාජිකයන් නෑ
ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ළඟ පාතාල සාමාජිකයන් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (19දා) පැවසීය.
ශුද්ධ වූ සන්ධානයක් වශයෙන් ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත්, එහි මන්ත්‍රීවරුන් පාතාල සාමාජිකයන් සමග කටයුතු කරන්නේ නම් ඒ බව පෙන්වා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාතාලය සමග ගනුදෙනු කරන බවට පිළිගෙන තිබෙන බවත්, ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වගකිවයුතු අංශවලට පැවරෙන බවත්ය.

popular news
-
Ruwan Friday, 20 July 2018 08:08 AM
පාතාලය මොකටද ඕන තරම් මිනි මරණ මිනිස්සු ඉන්නේ. ක්‍රීඩාංගන ගිල්ල රත්තරන්, නැවු ගිල්ල ගොටාබය මාලිගා ගිලින බැසිල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

