පාර්ලිමේන්තු මන්ත්රීදිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට විපක්ෂයේ බහුතර මන්ත්රීවරුන් තීරණය කර තිබෙන බැවින් කථානායක කරු ජයසූරිය මහතාට තීරණයක් ගැනීමට සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරයෙක් පැවසීය.
වර්තමානයේදී පාර්ලිමේන්තුවේ නියම විරුද්ධ පක්ෂය ලෙසත්,ජනතාව පිළිගන්නා විපක්ෂය ලෙසත් ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත්, රටේ ජනතාව සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ආර්. සම්බන්ධන් මහතා විපක්ෂනායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැති බවත් එම මන්ත්රීවරයා පවසා සිටියේය.
