දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දෙවන වරට උපත ලද කලු හංස පැටවුන් තිදෙනකු මහජන ප්‍රදර්ශනයට යොමුකර ඇත.
මෙම පැටවුන් ඉකුත් 05 වන දින උපත ලබා සෞඛ්‍යාරක්ෂිතව රදවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය 14 වන දින සිට මෙලෙස සත්ව අරණවෙත නිදහස් කරනු ලැබ ඇත. මෙම සතුන් ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් ලොව දුර්ලභ ගණයේ පක්ෂී විශේෂයක්ද වේ .
මෙම කලුහංස ධේනුව මීට පෙර පසුගිය වසර මාර්තු 22 වන දිනද පැටවුන් පස් දෙනෙකු බිහිකර එම සතුන්ද මේ වන විටත් එම අරණේම සුවසේ ගත කරමින් සිටී .
දෙහිවල එච්.එම්. ධර්මපාල
