සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක වනු ඇති.
දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරිවරයා මේ බව සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් සිටියදී හැටන් දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
මේ වනවිට කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වදීමට කටයුතු කර ඇති බවත් අර්ධ ශීඝ්‍රගාමී කාර්යාල දුම්රියන් හඳුන්වාදී ඇති බව ඒ මහතා පැවසීය.