එමිල් රංජන්ට ඇප
වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට සිටින බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද (04) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් රිමාන්ඞ් භාරයේ රදවා සිටි සැකකරු රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් මිලියන 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත මුදාහැරීමට නියම කළ අභියාචනාධිකරණය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් සැකකරුට ඇප කොන්දේසියක්ද පැනවීය.
වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් වශයෙන් නම් කොට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා නමැත්තන් රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි.
ඒ අතර මීට මාස 05කට පමණ පෙර අවස්ථාවකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නමැත්තා ඇප මත මුදාහරින ලදී.
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමක් සිදුවු දින රාතී‍්‍රයේදී යුද හමුදාව වැලිකඩ බන්ධනාගරයට ඇතුළු වී තත්ත්වය පාලනය කිරීමේදී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් අතුරින් තෝරාගත් රැදවියන් පිරිසක් වන මාලන් නොහොත් කංකානම්ලාගේ මලින්ද්‍ර නිලේන්ද්‍ර පැල්පොල, නිර්මල අතපත්තු, ගුණ්ඩු මාමා නොහොත් මොහොමඞ් විජය රෝහණ, චින්තාමනී මොහොට්ටිගේ තුෂාර චන්දන නොහොත් කලූ තුෂාර, පොන්න කපිල නෙහොත් අන්ද්‍රපුලිගේ ජෝතිපාල, මංජු ශ්‍රී නොහොත් හර්ෂ ශ්‍රී මහකීර්ති පෙරේරා, මාලි ප්‍රසන්න නොහොත් රයිගමගේ සුසන්ත පෙරේරා සහ කොන්ඩ අමිල නොහොත් දේව මලලගේ මලිත් සමීර පෙරේරා යන අයවුලූන් ඝාතනයට ලක්වී ඇත.
වසර පහකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කරමින් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

popular news
-
Champa Thursday, 04 April 2019 05:27 PM
ඕන කමින් නිකම්ම හිරකරුවන්ට වෙඩි තියල ඝාතනය කරලා නැහැ. මේකේ වෙලා තිබුනේ වැලිකඩ හිර ගෙදර හිරකාරයෝ අතේ තියෙන නීති විරෝධී ආයුධ, මත්ද්‍රව්‍ය සහ hand phones අල්ලන්න කරපු මෙහෙයුමකදී. හිරගෙවල් ඇතුලේ ඇතිවෙන mutiny සහ riot වලදී බලය පාවිච්චි කරලා ඒව පාලනය කරන්න බන්ධනාගාර නිලධාරීන්ට සහ අදාළ මෙහෙයුම් කරන නිලධාරීන්ට නීතියෙන් බලය තියෙනව. එහෙම බලයක් නැත්නම් ඉතින් හිර කාරයෝ විතරක් ඉතුරු වෙලා බන්ධනාගාර නිලධාරීන්, STF නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් ඔක්කොම මැරුම් කයි. වෙච්ච දේ අවාසනාවන්තයි. නමුත් නිලධාරීන්ට preemption සහ self defence වලට අයිතියක් සහ බලයක් තියෙනව. හිතාමතා දරුණු මිනිස් ඝාතන කරපු දෙමල ත්රස්තවාදීන්ට ලිහිල් විදිහට සලකන වහල් ආණ්ඩුව රජයේ නිලධාරීන්ව හිරේ දැම්ම. මෙච්චර කාලයක් හිරේ තියාගෙන එමිල් රන්ජන්ට දැන්වත් ඇප ලැබුන එක සාධාරණයි..
Reply : 8 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

