කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අයට පොදු ස්ථාන වලට ඇතුළු විය නොහැකි ලෙස වාරණයක් ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධව නීතිපති උපදෙස් පැතූ බවත් ඒ අනුව පොදු ස්ථාන වලට ඇතුල්වීම සඳහා කෝවිඩ් එන්නත් දෙකම ලබා ගෙන තිබීම අනිවාර්ය කිරීම සඳහා නීති උපදෙස් ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
මහනුවර ජාතික රෝහලේ නව පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය රුපියල් මිලියන 1945 ක වියදමින් මහල් 12 කින් සමන්විතව ඉදි කිරීමට සැලසුම් කොට ඇති එම ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අද (11) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අය පොදු ස්ථාන වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා . එය වැඩි දියුණු කිරීමේ වැඩ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා . මෙම සියලු කටයුතු සිදු කරනු ලබන්නේ පොදු යහපත පිණිසයි .
තමන්ගේ ජීවිතය සම්බන්ධව තමන්ට අයිතියක් තිබෙන්නා සේම තවත් කෙනෙකුගේ ජීවිතයට අනතුරක් කරන්න තමන්ටද අයිතියක් නැහැ . එම පදනමේ සිට අදාළ වැඩපිළිවෙළ දියත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ . පොදු යහපත පිණිස එවැන්නක් ක්‍රියාත්මක කළ හැකි බවට ලැබුණු උපදෙස් මතයි අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ .
රජයක් ලෙස කෝවිඩ් පාලනයට ගත හැකි සියලු පියවර ගෙන තිබෙනවා . ජනගහනයෙන් 75% කට වැඩි පිරිසකට එන්නත් ලබා දී අවසන් වී තිබෙනවා . තුන්වන මාත්‍රාව ලබා දීමත් මේ දිනවල ආරම්භ කර තිබෙනවා . පාසල් සිසුන් සඳහා එන්නත් කිරීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා . සිව්වන රැල්ලක් ඇති නොවීමට වගබලා ගැනීමේ වැඩි වගකීම ඇත්තේ ද ජනතාව අතේ . කෝවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස සමාජයෙන් මා ඉල්ලා සිටිනවා . උද්ඝෝෂණ වලට දහස් ගණන් ඒකරාශි වෙමින් සිටියත් මුහුණු ආවරණ පැළඳීම පවා ඇතමුන්ට අමතක වී තිබෙන බවද පැවසීය .
මෙම අවස්ථාවට මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය .
ෂේන් සෙනෙවිරත්න