එන්නත් දෙකම අරන් එන අයගේ නිරෝධායනයේ වෙනසක්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට ආදාළ නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කර තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ, මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙක් හෝ ද්විත්ව පුරවැසියෙක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ලබාගෙන සති දෙකක් ගෙවී ඇත්නම් ඔහු/ඇයට ශ්‍රී ලංකාව තුළ නිවසක් ඇත්නම් මෙරටට පැමිණි දිනයේ සිට දින 14ක් තම නිවස තුළ නිරෝධායනය විය යුතු බවය.
වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසුවේ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හෝ දකුණු අමෙරිකාවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයික් හෝ ද්විත්ව පුරවැසියන්ට අනිවාර්ය නිවෙස් නිරෝධායනය අදාළ නොවන බවත් ඔවුන් වෙනත් මධ්‍යස්ථානයක දින 14ක් නිරෝධයනය විය යුතු බවත්ය.
නමුත් පසුගියදා, සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හෝ දකුණු අමෙරිකානු රටවල පසුගිය දින 14 තුළ සංචාරය කර ඇති ගුවන් මගීන් ට ශ්‍රී ලංකාවට පැමිණිම තාවකාලිකව තහනම් කර ඇති බවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

