එන්නත් කාඩ් 45ක් සමඟ සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට
කොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීවරයකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය කියයි.
මොහු එන්නත් කාඩිපත් ළග තබාගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂණයක දී මෙම පුද්ගලයා එන්නත් කාඩිපත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවින්න උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු ජුලි මස 28 වැනිදින ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පැවති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනකට සහභාගිවි ඇති බව පොලිසිය පවසයි.
එම එන්නත්කරණ වැඩසටහනින් පසු මෙම කාඩ්පත් භාරදිය යුතු වුවත් එම කාඩිපත් භාරනොදි ළග තබාගැනිම සම්බන්ධව පොලිසිය මගින් පරික්ෂණ ආරම්භකොට ඇත.
මෙම එන්නත් කාඩ්පත් කුමන අදහසකින් ළග තබා ගත්තාද යන්න පිළිබද ගාල්ල පොලිසිය මගින් පරික්ෂණයක් ආරම්භකොට ඇත.
මෙම එන්නත් කාඩ්පත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාවද තබා ඇති බව පොලිසිය පවසයි. සැකකාර පුද්ගලයා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.
හිනිදුමරවීන්ද්ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

