එන්නතට කංසා සුරුට්ටුවක්
කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නා අය වෙනුවෙන් ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය තීරණය කර තිබේ.
වොෂින්ටන් ප්‍රාන්තයේ මධ්‍යසාර හා කංසා මණ්ඩලය පැවැසුවේ ජුලි 12 දා තෙක් කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගන්නා අය වෙනුවෙන් මෙසේ ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාගැනීමට අවස්ථාව ඇති බවයි.
‘එන්නතකට ජොයින්ට් එකක්’ යනුවෙන් ඔවුන් මෙය හඳුන්වා දුන් අතර එය එන්නත ලබාගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අය වෙනුවෙන් ලබාගැනීමට අවස්ථාව තිබේ.
එන්නත ලබා ගැනීමට පැමිණෙන විට ප්‍ර දෙශයේ අවසර ලත් කංසා අලෙවි කරන ස්ථානයකින් මෙසේ නොමිලයේ සුරුට්ටුවක් ලබාගැනීමට අවස්ථාව තිබේ.
මීට පෙර ජුනි 30දා වන විට එන්නත් ලබා ගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අයට කිසිදු වියදමක් නොමැතිව බියර්, වයින් හෝ කොක්ටේල් ලබා දීමටද මණ්ඩලය අවසර දී තිබුණි.
අමෙරිකාව තුළ කොවිඩ් 19 එන්නත ලබගැනීම සඳහා ජනතාව උනන්දු කරවීම වෙනුවෙන් මේ ආකාරයේ වැඩසටහන් තවත් ප්‍රාන්ත කිහිපයකම ක්‍රියාත්මක කෙරිණි. ඇරිසෝනා හි ගංජා බෙහෙත් ශාලාවක්ද එන්නත ලබා ගන්නා අය වෙනුවෙන් නොමිලයේ ගංජා සුරුට්ටු ලබාදීමට කටයුතු කර තිබුණි.
වොෂිංටන්හි ගංජා ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරි කණ්ඩායමක් අප්‍රේල් 20 වන දින එන්නත ලබාගත් අය වෙනුවෙන් රාත්තල් 8ක් බර ගංජා යොදාගෙන සුරුට්ටු 4200ක් සකස් කර ඒවා එන්නත්කරණ මධ්‍යස්ථාන 30ක බෙදා හැර තිබුණි.
මීට අමතරව නිව් ජර්සි හි මැයි මාසයේදී පළමු එන්නත් මාත්‍රාව ලබාගත් නිවැසියන්ට නොමිලේ බියර් පිරිනැමීම සඳහා දේශීය බීර කර්මාන්තශාලා 13ක් සමග එක්ව වැඩසටහනක්ද දියත් කළේය.
https://abcnews.go.com/

popular news
-
Kumar Wednesday, 09 June 2021 09:18 PM
Recreational marijuana is legal in Washington State located on the west coast in the US. It is not legal Washington DC.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

