එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ රටපුරා ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට රජය අපේක්ෂා කරන බවත්, මේ යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ලබාදෙන බැවින් මෙම යෝජනා ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙස ස්වයං රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
සිය විමධ්‍යගත අරමුදල යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා පුහුණුව සඳහා ‘ විජය උදාන සියනෑ දිවි සවිය’ වැඩසටහන වෙනුවෙන් වෙන් කළ රුපියල් ලක්ෂ දෙකක මුදලකින් අංශ කිහිපයක් යටතේ පුහුණුව ලැබූ ප්‍රතිලාභීන් 150ක පමණ පිරිසකට සහතිකපත් ප්රදානය කිරීම වෙනුවෙන් අද (25දා) පැවැති උත්සවයේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙවන් වැඩසටහන් පවත්වනු ලබන බවත්, ඉදිරියේදී පුහුණු සඳහා විමධ්‍යගත අරමුදල් යටතේ වැඩි මුදලක් වෙන් කරන බැවින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
ගම්පහ තිලකරත්න දිසානායක
