ශ්රී ලංකාව හා ඉන්දියාව හා අත්සන් කිරිමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහගෝගීතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් වන සාකච්ඡා දෙසැම්බර් මාසය පමණ වන විට අවසන් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර මේ වන විටත් භාණ්ඩ සම්බන්ධයෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පවතින අතර එම ගිවිසුම සේවා හා ආයෝජන සම්බන්ධයෙන්ද පුළුල් කිරීමට එට්කා ගිවිසුම හරහා අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්රතිලාභලයක් ලබන රට වන්නේ ඉන්දියාවයි. ඔවුන් වසරකට ඩොලර් බිලියන 4.5ක පමණ ශ්රී ලංකාවට අපනයනය කරන විට ශ්රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 773ක භාණ්ඩ පමණි.
එට්කා ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්රී ලංකාව අතර මේ වන විට සාකච්ඡා වට 10ක් පමණ පවත්වා ඇත.
indianexpress.com
