එට්කා බලෙන් පටවන්නේ නෑ
එට්කා වෙළද ගිවිසුම ශ්‍රී ලංකාව මත බලෙන් පැටවීමේ කිසිදු අදහසක් ඉන්දියාවට නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ආර්.කේ. සිංහා මහතා පැවසීය.
එසේම එට්කා ගිවිසුමෙන් ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ඇති වාසි මෙන්ම අවාසි පිළිබඳව මේ වන විට දෙරටේම විද්වත් පාර්ශව කරුණු සොයා බලමින් සිටින බවද ඔහු පැවැසීය.
මෙම වෙළද ගිවිසුම පුර්ණ විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට දෙරටේම නායකයින් සාකච්ඡා කොට ඇති බවද සිංහා මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දීය රජයේ ඇරයුමින් එහි සංචාරයක නිරත වු ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් හමුවු අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරිනාදම් බාග්චී මහතා සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඊෂා ශ්‍රීවාත්සව මහත්මියගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති සුහද හමුවකදී මෙම හමුව පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

