එජාපය මෙහෙයවන්නේ කවුද කියලා ජනමාධ්‍ය මගින් බලාගත හැකියි - හැරිසන්
රනිල් වික්‍රමසිංහ මහතා වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව සිටියත් රටේ නායකයා වීමට නොහැකි වී යැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 09) දින දඹුල්ලේදී පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා වැඩිදුරටත් කියාසිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන් ගමේ සිටින පහළම පුද්ගලයාගේ සිට ඉහළම සාමාජිකයා දක්වාම වසර විසිපහක් තිස්සේ සහයෝගය ලබාදුන් බවත් එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කරවීමට නොහැකි යැයි සඳහන් කළේය.
ඕනෑම පුද්ගලයෙකුට සිදු කිරීමට හැකි දේවල් සහ නොහැකි දේවල් පවතින බවත් ඉටුකර ගැනීමට නොහැකි වූ තැන නායකත්වය වෙනත් අයෙකුට ලබා දීම සිදු කළ යුතු යැයි හෙතෙම පැවසීය.
එක්සත් ජාතික පක්ෂය මේ දිනවල මෙහෙයවනු ලබන්නේ කවුරුන්ද යන්න ජනමාධ්‍ය පරිශීලනය කිරීමේ දී ඕනෑම අයකුට දැකගැනීමට හැකි බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දුවකට අනුව නව කණ්ඩායමක් ආරම්භ කළ බවද පැවසූ ඒ මහතා එදාම නව සන්ධානයක් හැදීමට තීරණය නොකළේ නම් මෙවැනි අර්බුදයක් ඇති නොවන බවද පෙන්වා දුන්නේය.
කම්කරුවන් වෘත්තීය සමිති සාමාජිකයෝ තමන්ගේ වසර ගණනාවක් සිට පැවැති ප්‍රශ්න වලට නායකතුමාගේ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිව එම පිරිස් සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වූ බවත් එසේ නොමැතිව එය කුමන්ත්‍රණකාරි සිදුකල දෙයක් නොවන බව ද නායකයෙකු නිසි ලෙස ඔවුන්ගේ හඬට සවන් දුන්නේ නම් මෙවැනි අර්බුදයක් ඇති නොවන බවද හැරිසන් මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම රටේ පවතින පොහොර හිඟය පිළිබඳව මාධ්‍ය හමුවේ දී අවධාරණය යොමු කළ ඒ මහතා රටට අවශ්‍ය පොහොර ටික වර්තමාන ආණ්ඩුවට බෙදාහැරීමේ නොහැකියාවක් පවතින බවත් කොරෝනා සමයේ ගොවීන් පොහොර අග්ගල හදා අනුභව නොකළ බවද පෙන්වා දුන්නේය.
නිසියාකාරව පොහොර ටික බෙදා හැරීමට නොහැකි බවත් ගොවි ජනතාව පොහොර සංගම් වල සභාපතිවරුන්ගේ නිවෙස් වලට ගොස් පොහොර ඉල්ලා සිටිය යුතු බවද අවධාරණය කළේය.
කාංචන කුමාර ආරියදාස

popular news
-
mama UNP Tuesday, 09 June 2020 01:08 PM
රනිල්නම් රටට කරපු දේවල් ටිකක්වත් කියන්න තියෙනවා .. ඔබතුම වසර 30ක් ප්මන්ට්රී wela, රටට නොවෙඉ තමුන්ගේ ගමට කරපු දෙයක් කියන්නකෝ balanna.. සජිත්ටත් ඕකම තමයි කියන්න තියෙන්නේ , හම්බන්තොටට කරපු දෙයක් කියන්නකෝ .. මෙයාලට රට බාර දුන්නොත් රටට අබ සරණයි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

