එජාපයේ තනතුරු වෙනසකට නායකත්වයේ අවධානය
එක්සත් ජාතික පක්ෂය තුළ මේවන විට පවතින තනතුරු කිහිපයක වෙනසක් සිදු කිරීමට හා එම තනතුරු සඳහා නව පුද්ගලයන් පත් කිරීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව තිබේ.
පක්ෂයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර එහිදී පක්ෂය තුළ නියෝජ්‍ය නායක ධුර දෙකක් ඇති කිරීමට වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්ය.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය ස්ථාපිත කිරීමත් සමඟ ඒ මහතා විසින් දරන ලද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුරට නව පුද්ගයෙකු පත් කිරීමටත්, ඊට අමතරව තවත් නියෝජ්‍ය නායක ධුරයක් ඇති කිරීමටත් පක්ෂයේ ඉහළ සාමාජිකයන් තීරණය කර තිබේ.
මීට අමතරව ජාතික සංවිධායක තනතුර සඳහාද නව පුද්ගයෙකු පත් කිරීමට මේ වනවිට අවධානය යොමුව ඇත.
කෙසේවුවද මෙලෙස තනතුරු වෙනස් කිරිම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබෙන බවත්, ඒ අනුව එය මේ වනවිට සාකච්ඡා මට්ටමින් සිදුවන බවත් සඳහන් වේ.

popular news
-
Deepal Nirosh Tuesday, 16 June 2020 03:57 PM
මීට වඩා හොඳ නැද්ද නායකත්වයේ වෙනසකට තනතුරු දරණ අය අවධානය යොමු කළා නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

