එජාපයේ ඇති එක්සත් බවකුත් නෑ සමඟි බලවේගයේ සමඟියකුත් නෑ
එක්සත් ජාතික පක්ෂයේ ඇති එක්සත් බවකුත් නැතැයිද සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජන බලවේගයේ ඇති සමඟියකුත් නැති බව දැන් රටට හෙළි වි ඇති බව පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
අලුත්ගමදි පැවති ශාඛා සමිති නියෝජිත පිරිසකගේ හමුවකදි ඔහු මේ බව පැවසීය.
“එක්සත් ජාතික පක්ෂය සමඟි බලවේගය සහ ජවිපෙ අද ඡන්ද ඉල්ලන්නේ ජයග්‍රහණය බලාගෙන නෙමෙයි. වෙන කරන්න දෙයක් නැති නිසා. සිරිකොතේ අය කියනවා නිදන් හාරපු අයයි නැව් ගිලපු අයයි දැන් දුරකථන සංවාද කරනවා කියලා. අනෙක් පැත්තෙන් කියනවා මහ බැංකුව හොරා කාපු අය උසාවියේදි එ ගැන මතක නැති වුණු අය අද එක්සත් ජාතික පක්ෂය අල්ලගෙන කියලා. මේ රටේ කම්බ හොරු කවුද කියලා මේ හොර කල්ලි දෙක අතර ගැටුමෙන් දැන් ජනතාවට පැහැදිලි වෙනවා.
මැතිවරණ දිනය නම් කළ ගමන්ම සජිත්ගේ කණ්ඩායම් නියෝජනය කරන දෙන්නා තුන්දෙනා පක්ෂය අත ඇරලා දැම්මා. සජිත් ප්‍රේමදාස මහත්මයා ආයෙත් රැස්විම් දෙකක් අමතලා කතා කළ ගමන් අනෙක් සෙට් එකටත් පක්ෂයෙන් බහින්න වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් අන්තෝ ජටා බහි ජටා තැනට පත්වෙලා”.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

