එජාපයේ සජිත් අපිට අභියෝගයක් නෙමෙයි - මහින්දානන්ද
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවන බව මහනුවර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව කියාසිටියේ ඊයේ (28) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
අපිට කිසිදු අභියෝගයක් නැ සජිත් ප්‍රේමදාස මහතා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට එනකොට කියන දේ නෙවෙයි ඇවිල්ලා කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේම අර්බුද රැසක් තියෙනවා. එදා ඉදන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බෙදිමක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරිමේ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂය ඇතුලින්ම භාරගෙන තියෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා කිසිදු අභියෝගයක් නොවෙයි අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි ජයග්‍රහණය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා 52% වඩා වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා යනුවෙන් ඔහු පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
