එක රටක් එක නීතියක් යන තේමාව යටතේ, පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සිහිපත්කරමින් සිදුකෙරුණු නිහඬ විරෝධතාවක් පෙරේදා (21දා) කොළඹ ලිබර්ටි වටරවුම අසලදී පැවැත්විණි. රට රකින පරපුර සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණි.
රට තුළ පවතින සංස්කෘතීන් අනුව විවිධ නීති පැවතීමට එරෙහිව, සමාජ පද්ධතීන් බෙදීමකට ලක්වන කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම මෙහිදී සමාජීය, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික සහ භෞතික ක්ෂේත්රයන් ඔස්සේ කරුණු එක්රැස් කරමින් සැමට එක ලෙස ක්‍රියාත්මක වන නීති රාමුවක් රට තුළ නොපැවතීම හේතුවෙන් ඇතිව තිබෙන වියවුල පිළිබඳව බොහෝ දෙනාගේ අදහස් ප්‍රකාශ විය.
මෙම අවස්ථාවට රට රකින පරපුර සංවිධානයේ සාමාජිකයන් මෙන්ම ආරාධිතයන් විශාල පිරිසක්ද සහභාගි වූහ.
