එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත
විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණක්ව පවතින ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යථාර්ථයක් කිරීමට ඉඩම් අමාත්‍යාංශය කැප වී සිටින බවයි.
ඉඩමට ඔප්පුවක් නොමැති වීමෙන් දරුවන් පාසලකට ඇතුලත් කිරීමේදී පටන් ඉඩම් හිමිකම් පැවරීම දක්වා පවතින දුෂ්කරතා පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් අමාත්‍යවරයා ලෙස උපරිම කාර්යක්ෂමතාවයකින් ඉඩම් ඔප්පු රට පුරා බෙදාදීමේ කටයුත්තට තම අමාත්‍යාංශය අත ගසා ඇති බවත් සඳහන් කළේය.
පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව දේශපාලන පාට කන්නාඩියෙන් නොබලා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සෑම මොහොතේදීම පක්ෂ විපක්ෂ මහජන නියෝජතයින්ද ඇගයීමට ලක් කර තිබෙන බවද සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 19 March 2019 02:51 PM
බොරුවක් මේ කතාව. ඉඩම් ඔප්පු දෙන එක digital කරලා එක දවසින් දෙන්න යන්නේ රටට ආදරේට නෙමෙයි. වහල් ආණ්ඩුවට වැඩි කාලයක් නැති නිසා ඉක්මනට රටේ ඉතුරු ඉඩම් ටික විදේශිකයන්ට විකුණන්න. සිනක්කර දුන්නත් එකයි බදු දුන්නත් එකයි. ඇමරිකාවට දුන්නට පස්සේ ඉවරයි. පරගැති ආණ්ඩුව කරපු කිසි දෙයක් රට වෙනුවෙන් කරපු දේවල් නෙමෙයි. ඔක්කොම කලේ විදේශික රටවල් වෙනුවෙන්. විමල් ඊයේ පාර්ලිමේන්තුවේ ලියකිලිවිලි පෙන්නලා කිව්වාත්රිකුණාමලේ ඉඳන් අක්කර ලක්ෂ 12ක් රනිල් ඇමරිකාවට දෙන්න ගහපු හොර ගිවිසුම. රටේ ඉඩම් වල විස්තර ඇමරිකාවට දීල ඔවුන්ට අවශ්‍ය ඉඩම් ටික තෝරා ගන්න ලේසි වෙන්නයි ඇමරිකාවට ලංකාවේ ඉඩම් මනින කොන්ත්‍රාත්තුව දෙන්නේ. කිසිම රටක් තමන්ගේ රටේ සංවේදී දත්ත පිටරටවලට දැන ගන්න ඉඩ තියන්නේ නැහැ. මම දවසක් එක රටක ආහාර නිෂ්පාදන දත්ත ගැන හෙව්වා. හැබැයි මුළු ආහාර නිෂ්පාදනය කියන තැන කියල තියෙනව "undisclosed amount" කියලා, ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය වගේ සාමන්‍ය දෙයකවත් දත්ත දෙන්නේ නැහැ. වහල් ආණ්ඩුව රටේ ඉඩම් වගේ ඉතා වැදගත් දත්ත පිටරටවලට දෙනවා. මේ සම්පූරණ ක්‍රියා දාමයටම විරුද්ධව ජනතාව නැගී හිටින්න ඕනේ. හර්තාල් කරලා හරි මේක නවත්තන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

