එක් රටක් එක් නීතියක් පනත් කෙටුම්පත් කරන්නෙත් අපියි
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.
මහජන අදහස් විමසීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත කර ඇති නිල කාර්යාලය වෙත අදහස් ප්‍රකාශ කිරීමට දෙසැම්බර් 20 සිට 23 දක්වා අවස්ථාව ලබා දී තිබිණ.
මෙම දින කිහිපය තුළ විවිධ පළාත් සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ආගමික නායකයෝ, සිවිල් ක්‍රියාකාරීහු, මාධ්‍යවේදීහු, ව්‍යාපාරිකයෝ, වෘත්තීයවේදීහු, දේශපාලන පක්ෂ නියෝජිතයෝ, මුස්ලිම් සහ බෞද්ධ ආගමික සංවිධාන, කාන්තා සංවිධාන නියෝජනය කරන පිරිස් නිල කාර්යාලය වෙත පැමිණි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
ජාති, ආගම්, පළාත් භේදයකින් තොරව නව කාර්යාලයට පැමිණෙන ජනතාව “එක රටක් එක නීතියක්” සඳහා වන නව සංකල්පයට විශේෂ උනන්දුවකින් පෙනී සිටියහ. උතුර - නැගෙනහිර ජනතාව ඇතුළු බහුතරයක් මෙම සංකල්පය යථාර්ථයක් වනු දැකීම රටේ සංවර්ධනයට ප්‍රබල උත්තේජනයක් බව ඥානසාර හිමියෝ පවසති.
තවදුරටත් පෞද්ගලිකව සහ සංවිධානාත්මකව තම අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන සියලු දෙනා වෙනුවෙන් කාර්යාලය විවෘතව පවතින බවත් එම සියලු අදහස් රැස් කරගැනීම තමා ඇතුළු කණ්ඩායම ඕනෑම අවස්ථාවක සිදු කරන බව ද උන්වහන්සේ පැවසූහ.
“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.
“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු එම බලකායේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
-
Demuni Uduwara Thursday, 23 December 2021 09:11 PM
What does Ali Sabri do !
Reply : 0 0
Demuni Uduwara Thursday, 23 December 2021 10:59 PM
G Gnanasara is being employed at AG's Dept.?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

