එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත ප්රතිංසවිධානයක් මැයි මාසයට පෙර සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පෙරමුණෙ සියලුම මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
කොළඹදී අද (22දා) පැවැති ඩි.එස්. සේනානායක 66 වැනි ගුණ සමරුමට එක්වීමෙන් පසුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“එක්සත් ජාතික පක්ෂයේ විශාල ප්රතිසංවිධානයක් මැයි මාසයට කලින් දැකගන්න පුළුවන් වේවි. වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවේ යෝජනා ගණනාවක්ම තිබෙනවා. හෙට අනිද්දා වෙන විට රටේ මහජනතාවට ඒ යෝජනා හෙළිදරව් වෙයි.
අපි එතුමාට කියා තියෙනවා අලුත් නිලධාරීන් පත්කරන්න වෙනවා කියලා. බිම් මට්ටමේ වැඩ කරන්න දක්ෂ නවකයින්ට බාර දෙන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය
“එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සමග එතුමාව ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. එතුමා ගැන තිබෙන විශ්වාසය කෙරෙහි ලේඛණයකට අපි අත්සන් තැබුවා. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න නායකයන්, ඇමතිවරුන් එතුමා සමගම සිටින බවට ප්‍රකාශ කළා.
මේ විශ්වාසභංගය පුස්සක් වෙනවා. එතුමාලා අවුරුදු දෙක හමාරක් විශ්වාසභංග ගැන කතා කළා. ඒවා පුස්සක් වුණා. මේ අවස්ථාවේදීත් එය පුස්සක් බවට පත්වෙයි කියලා අපිට විශ්වාසයි.”