අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වටවල කැරොලයිනා වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
පෙර අසාදිතයා පියා හේතුවෙන් එම පවුලේ බිරිද සහ දරුවන් සිව් දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම පවුලේ සියළු දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිතයන් පස් දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.