එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම ගැන පරීක්ෂණයක්
ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම හරහා ඊයේ (22දා) සිදුවීමට ගිය දුම්රිය අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඒ.ඩී.ජී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ සඳහා පත් කර තිබේ.
සිද්ධියට අදාළ යාල්දේවි දුම්රියේ රියදුරු හා නියාමක, තලෙයිමන්නාරම් දුම්රියේ රියදුරු හා නියාමක, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපතිවරයා, සංඥාකරු හා අනුරාධපුර දුම්රිය සංඥා පාලකවරයාගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර සතියක් ඇතුළත අවසන් කරන ලෙසත්, සිද්ධියට අදාළව යම් අයෙකු වැරදිකරුවෙකු වුවහොත් විනයානුකූලව දඬුවම් කරන ලෙසත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාට අද (23දා) පෙරවරුවේ උපදෙස් ලබා දී තිබේ.

popular news
-
Champa Friday, 24 August 2018 01:18 AM
දැන්ද පරීක්ෂණයක් කරන්න හිතුනේ? අවුරුදු තුනහමාරක් තිස්සේ එකම පීල්ලේ තමයි දෙමුහුන් ආණ්ඩුව මුහුණට මුහුණ ධාවනය කලේ. රටට වැඩකුත් නැහැ ජනතාවට වැඩකුත් නැහැ හැමදාම බෙදා ගන්න රණ්ඩු. හැමදාම බදා ගන්න රණ්ඩු. කොහොමත් ඊළඟ අවුරුද්දෙන් පස්සේ දෙමුහුන් කෝච්චිය කටුගෙට තමයි.
Reply : 62 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

