එකඳු වාහනයක් නොමැති පොලිස් ස්ථාන 30ක්
එකඳු වාහනයක් හෝ නොමැති පොලිස් ස්ථාන 30ක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිිරිසේන මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම පොලිස් ස්ථාන සඳහා එක් වාහනයක් හෝ මිලදි ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
නාවික හමුදාවට ප්‍රමාණවත් නෞකා මෙන්ම ගුවන් හමුදාවටද ප්‍රමාණවත් යානා නොමැති බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම මන්ත්‍රිවරුන්ගේ ලැයිස්තුවලට මහවැලි ඉඩම් ලබාදී නොමැති බවත් ජනපතිවරයා පැවැසුවේය.
උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 85%ක් පමණ අවසන්ව ඇති බවත් ඒ අනුව මේ වසර අවසන් වන විට උමා ඔය ව්‍යාපෘතිය අවසන් වනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 04 April 2019 11:28 PM
Communication Interceptors ගන්න ඊශ්‍රායල් කොම්පැනියේ නම කියන්නේ නැතිව, ගන්න උපකරණ වල විස්තර කියන්නේ නැතුව සහ වියදම ගැන හරියට විස්තර දෙන්නේ නැතුව රුපියල් බිලියන් 6.9ක් වියදම් කරන්න යන හොර කැබිනට් පත්‍රිකාව වෙනුවට ඒ සල්ලි ඔය දේවල් වලට වියදම් කරන්න පුළුවන්. ආණ්ඩු වෙනස් වෙන වෙන ගානේ නැව් සහ ගුවන් යාන ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. ප්‍රහාරක ගුවන් යාන අරන් කාට ගහන්නද? නාවික හමුදාවට ඕනේ අර වගේ interceptors නෙමෙයි, බෝට්ටු සබ්මැරින හෝ නැව් අපේ මුහුදේ ගමන් කරන රටාව ගැන බලන්න පුළුවන් විදිහක්. ශත පහක් වියදමක් නැතුව මේ දත්ත ගන්න පුළුවන් විදිහක් තියෙනවා. කරන්න ඕනේ ඒ දත්ත analyse කරන්න යටිතල පහසුකම් හදා ගන්න එක විතරයි. ඒකට යන වියදම මම දන්නේ නැහැ. බෝට්ටු එන විදිහ, එන පාර, වැඩිපුර ගැවසෙන තැන, ඒ වගේම ලොකු නැව් වුනත් නිකම් නැංගුරම් දාගෙන අපේ මුහුදේ ඉන්න හදනව නම්, ඇවිල්ල ඉක්මනට යන්නේ නැතුව ඉන්නවා නම්, ඒ කියන්නේ එතන සැක සහිත යමක් වෙනවා කියන එක. අධිවේගී නාවුක යාත්‍රා පස්සෙන් එලෝලා බෝට්ටු අල්ලගන්නේ නැතුව හරියටම target කරලා අල්ල ගන්න පුළුවන් මේ දත්ත ඇරෙගෙන. දකුණු ඉන්දියානු බෝට්ටු එන්නේ මාළු අල්ලන්න නෙමෙයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

