ඇමෙරිකන් බුලී XL නැමැති සුනඛයෙකුගේ සපා කෑමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියෙන් පසු එම සුනඛ විශේෂය එංගලන්තය තුළ තහනම් කිරීමට එංගලන්ත අග්‍රාමාත්‍ය සෘෂී සුනාක් නියෝග කර තිබේ.
මෙම සුනඛ විශේෂය "ප්‍රජාවන්ට අනතුරක්" බවත් වසර අවසාන වන විට එම තහනම ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍යරයා පැවැසීය.
බොහෝ දෙනෙක් තහනම පිළිගෙන ඇති නමුත් ඇතැම් පිරිස් ඒ සඳහා විරෝධයක් දක්වයි. නව තීරණයත් සමග මේ වන විට සිටින සුනඛයින් ඔවුන් මිය යන තෙක් දැඩි රෙගුලාසි යටතේ තබා ගත හැකි අතර සියලුම සුනඛයින් වද්යාකරණයට ලක්කළ යුතු වෙයි.