ඌව වෙල්ලස්ස අරගලයේ 200 වැනි සැමරුම
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම පුණ්‍ය උත්සවය පැවැත්විණ.
ජනාධිපතිවරයා කැප්පෙටිපොළ වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දක්වමින් පුණ්‍යාත්සවයට එක්වූ අතර, ස්වාමීන් වහන්සේලා උදෙසා උදෑසන දානය පිළිගැන්වීමට ද ජනපතිවරයා කටයුතු කළේය.
නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සිදුකළ අතර වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ සිදුකළහ.




-
Nandana Sunday, 25 November 2018 02:38 PM
ඕව බ්ය්ස්කොප් නේද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
