ඌවේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඌවේ රෝහල් තුළ විරෝධතා
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට බැණ තර්ජනය කර ඇතැයි පවසමින් ඊට විරෝධය පෑම සඳහා සංවිධානය කල පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් බදුල්ලේදී අද (3) පැවැත්විණ .
ඌව පළාතේ රෝහල් හා සෞඛ්‍ය ආයතන වල වෛද්‍ය , හෙද කණිෂ්ඨ සේවක ඇතුළු කාර්ය මණ්ඩල වැඩවර්ජනය කර තිබූ අතර එම පිරිසක් මේ පෙළපාලියට හා උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ .
බදුල්ල මහා රෝහලෙන් ආරම්භ කල විරෝධතා පෙළපාලිය ඌව පළාත් සභාව දක්වා ගමන් කිරිමෙන් පසු එහිදි පළාත් සභාවේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් උද්ඝෝෂණය පැවැත්විණ .
මෙහිදී මෙම උද්ඝෝෂණයේ කැඳවුම්කරු වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකාවගෙන් සමාව ගත යුතු බවයි .
එසේ නොවන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය .
පැයකට ආසන්න කාලයක් පැවැති උද්ඝෝෂණයෙන් පසු ඔවුන් සාමකාමී ලෙස විසිර ගියහ .

popular news
-
rocky Thursday, 04 April 2019 07:03 AM
මේ ගවරා එලවා නොදමන්නේ ඇයි!
Reply : 0 0
asela Thursday, 04 April 2019 10:21 AM
ජනාධිපති හරිම කරුනවන්තෛ මේ රස්තියාදුකාරය මහා ඇමති පුටුවේ තියාගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

