ඌරු හදවතක් ඇති මිනිසා
ජානමය වශයෙන් සංවර්ධනය කරන ලද ඌරෙකුගේ හදවතක් ඇමෙරිකාවේ පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය තොතුරු වාර්තා කරයි.
පසුගිය සිකුරාදා දිනයේදී මෙම සංකීර්ණ ශල්‍යකර්මය සිදුකර ඇති අතර එම ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙමින් පවතින බව මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
57 හැවැරිදි පුද්ගලයෙකුට මෙම ඓතිහාසික සැත්කම සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙනි.
"ඒක ජීවිතයකත් මරණයත් අතර සිදු කරන සැත්කමක්. මට ජීවත් වෙන්න ඕන වුණා. මම දන්නවා ඒක අඳුරේ එල්ල කරන පහරක්. නමුත් ඒක මගේ අවසන් තේරීමයි" යැයි මෙම ශල්‍යකර්මයට භාජනය වූ ඩේවිඩ් බෙනට් එයට පෙරාතුව පවසා තිබුණි.
මෙම සැත්කම සාර්ථකවුවහොත් සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීම පිළිබඳ වෛද්‍ය විද්‍යාෙව් නව පිටුවක් පෙරළෙනු ඇත.



popular news
-
samson de silva Wednesday, 12 January 2022 02:30 AM
News eke title eka dutuwaama, mama hithuwe mema prawurthiya Sri Lankawe ektharaa parinatha deshapalana kaarayeku gena kiyalaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

