උසස් පෙළ සිසුන්ට ටැබ් මේ වසරේදී
උසස් පෙළ සිසුන් සඳහා මේ වසරේදී ටැබ් පරිගණක ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඊයේ (28දා) දින ගම්පහ ගනේමුල්ල හේමමාලී විද්‍යාලයේ නව ගොඩනැගිල්ල හා ගලහිටියාව මධ්‍ය මහා විද්යාලතේ තෙමහල් තාක්ෂණ පීඨය හා තෙමහල් පනත් කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“පාසල් ළමුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට අපි කටයුතු කරනවා. එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය මුදල් නොමැතිකම නිසා අපට මුළු රටේම එක වර එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. එම ක්‍රමය උසස් පෙළ අධ්‍යාපනයේ සිට ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලය මේ වන විට ඊට එකඟතාවය ලබාදී ඇති අතර එහි අත්හදා බැලීම්ද සිදුකර තිබෙනවා. කබීර් හෂීම් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කැබිනට් අනුකමිටුව විසින් එන සති කිහිපයේදී ඒ පිළිබඳව තීරණයක් ලබාදීමට නියමිතයි. ඒ අනුව මේ වසරේ ටැබ් පරිගණක ලබාදීම සිදුකරනවා. එම ක්රමයේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට තිබෙන්නේත් එම පරිගණක නිසා ඒවා ආරක්ෂා කිරීම පාසල්වල වගකීමක්.
මෙය ආරම්භයක් පමණයි. මේ තුළින් අපි ඉදිරියට යා යුතුයි. අද මේ රැස්වී සිටින ඔබ පාසල් අධ්‍යාපනය නිමා කර පාසලින් පිටවී යාමට පෙර ටැබ් පරිගණක හරහා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම සකසන බව මා පවසනවා. අපි සෑම පාසලකටම මෙම ක්‍රමය ඇතුළත් කරනවා. දරුවන්ට පමණක් නොව ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලබාදෙමින් ඉදිරියේදී සෑම පාසලකටම මෙම ක්‍රමය ඇතුලත් කිරීමට අප කටයුතු කරනවා.”

popular news
-
Champa Friday, 01 March 2019 07:53 PM
මේක පට්ටපල් බොරුවක්. යූඑන්පී එක මේ කරන්නේ ඊලඟ චන්දෙට කොමිස් වලින් සල්ලි හොයන එක. ඇමරිකන් කාරයෝ පාසැල වලට tab ගෙනාවේ ඇමරිකන් දරුවෝ ඉගෙනීමට අවධානය යොමු කරන එක අඩුවෙලා කියලා ඒක වැඩි කරන්න. ලංකාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ඇමරිකන් කාරයෝම කියනවා පන්ති කාමර වලදී දරුවෝ tab වලට වැඩි කාලයක් යොමු කිරීම නිසා තිරයට ඇබ්බැහිවීම, අධි අවධානය ලබා ගැනීමට අධික්රියාකාරිවීම නිසා අවුල් මානසිකත්වය, ආක්රමනශීලිත්වය, මානසික අවපීඩනය, කාංසාව, සහ වෙනත් මානසික රෝග වලට ලක් වෙනවා කියල. දේශපාලකයන්ට ඕනේ ඕනේ විදිහට මෙහෙම අධ්‍යාපනය විනාශ කරන්න දෙන්න බැහැ. ඉස්සෙල්ල මේවයින් සිද්ධ වෙන ප්‍රතිවිපාක ගැන හිතන්න ඕනේ. රටක අනාගත පරපුරක් එක්ක සෙල්ලම් කරන්න මේ අගමැතිට තියෙන අයිතිය මොකක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
