මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව සිදු කරන සියලු ප්‍රවර්ධන කටයුතු මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රවර්ධන කටයුතු අගෝස්තු පළමු වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බවද විභාග කොමසාරිස් සහන් පූජිත මහතා සඳහන් කළේය.
මෙම නීතී උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් නීති මගින් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු පස්වැනිදාත්, උසස් පෙළ විභාගය අගෝස්තු 06 වැනිදා සිට සැප්තැම්බර් පළමු වැනිදා දක්වාත් පැවැත්වේ.
