උසස්පෙළ සමත් සියලුම සිසුන්ට සරසවි වරම් - ගෝඨා
උසස්පෙළ සමත් සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්’ යන තේමාව යටතේ මාතර වැලිගම බස්නැවතුම් පොළ අසළ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. සියලූ පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක්‍රියාත්මක කරනවා.
එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමග සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක්‍රියාත්මක කරනවා.
මාතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අධ්‍යාපනය මත පදනම් වූ පළාතක්. විශාල වශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් ඉන්නවා. අපි පළමු වසර සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවා.
ඒ තුළින් උසස් පෙළ සමත් වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරනවා. අනිකුත් තරුණ තරුණියන්ට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබාදී ආර්ථිකයට දායක කරගත හැකි සුදුසු රැකියා අවස්ථා ලබාදීමටත් කටයුතු කරනවා.”

popular news
- 
                            
ranjith Monday, 21 October 2019 03:52 AM
විහිලු කතා
Reply : 0 4
rocky Monday, 21 October 2019 08:43 AM
උපදින හැම ළමයෙකුටම උප්පැන්නයත් සමග උපාධි සහතිකයක් නිකුත් කර එක වඩාත් ලේසියි නේද? මෝඩයෝ තරුණයන්ට ඕනවෙලා තියෙන්නේ උපාධි නොවෙයි .. රැකී රක්සා!ජොබ් .. ජොබ්!!
Reply : 0 8
සරසි Monday, 21 October 2019 06:49 PM
වැඩක් තියේයැ.අවුරුදු තිහත් හතලිහක් පරණ පාඩම්මාලාවන්ම හැමදාම කරන්නේ.ළඟදී තමුන්නාන්සේලාට එකතුවූ විජේදාස මහත්තයා කිව්වේ දැනට තියෙන අවුරුදු හතරක විෂය නිර්දේශය අවුරුද්දකින් අවසන් කරන්න තරම් කුඩා එකක් කියල.ඒවගේමයි ඔව්වාගේ ඉන්න අනධ්යයන් කට්ටියත් අවුරුද්දකට මාස කීපයක්ම නිකන් ඉඳගෙන (වර්ජනයලු) පඩිගන්නවා.දරුවන්ගේ ජීවිත කාලය නිකරුනේ ගෙවිල යනවා.ඒවාට උත්තර නැතිව සරසවි වරම දීල වැඩක් තියේද
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                