උලමා සභාව ඥානසාර හිමියන්ගේ ප්‍රකාශයට පරීක්ෂණයක් ඉල්ලයි
ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරක් පිළිබඳව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
උලමා සභව නිකුත් කළ නිවේදනය
‘පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙරටට නැවත නුදුරු අනාගතයේදීම එල්ල විය හැකි යැයි 2021.09.13 වැනි දින නාලිකාවක විකාශය කෙරුණු සංවාදාත්මක වැඩසටහනක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් පුවත්පත් වාර්තා ද පළ වී ඇති බව අප නිරීක්ෂණය කළෙමු.
ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්රාසයක් ඇති කර තිබේ. කෙසේ වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇති වූ ජීවිත විනාශය, ඉන්පසුව මෙරට ජනතාවට ඇති වූ ප්‍රශ්න සහ අභියෝග පිළිබඳව ද අපි හොඳින් දනිමු.
එබැවින්, අදාළ නිලධාරීන් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකොට, ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය තහවුරු කිරීම පිණිස අදාළ පියවර ගන්නා ලෙසත්, එම ප්‍රකාශයේ සත්‍ය-අසත්‍ය බව ජනතාවට හෙළිකරන ලෙසත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
තවද, ඉහත සඳහන් කළ ස්වාමීන් වහන්සේ විසින් ඉස්ලාමය පිළිබඳ නගා ඇති පදනම් විරහිත චෝදනාවලට අදාල පැහැදිලිකිරීම් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

popular news
-
Deepal Nirosh Friday, 17 September 2021 07:53 AM
ඇත්ත, ස්වාමීන් වහන්සේ අදහස් දැක්වූයේ යම් පදනමක හිඳගෙනයි. එමනිසා මේ සම්බන්ධව රජය කඩිනම් අවධානය යොමුකර පරීක්ෂණයක් කළ යුතුයි. ඉතා හොඳ සමාරම්භක පියවර නම් උලමා සංවිධානය මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

