උමා ඔයේ වැඩ නිමැවුමට ඉරානයෙන් 85 ක්
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් මෙරටට පැමිණෙති.
පිරිස අද (15) පස්වරු 6.00ට පමණ දිවයිනට ළගා වූහ. උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂිතය.
ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
අද පැමිණි පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ.
නිරෝධායන කාල සීමාවෙන් පසු දෙවැනි PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර පසුව ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට පියවර ගැනේ.

popular news
-
Nandana Tuesday, 16 June 2020 04:53 PM
Why people's from Iran ?,are the special team ?,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

