උපෙළ සමත්වූ කෝකිලාට සරසවි යාමට බාධාවක් වූ පවුල් ආර්ථිකය
බිබිල මැදගම දිඹුල්දෙන දුෂ්කර ගම්මානයේ එස්.කේ. සකුන්තලා කෝකිලා සිසුවිය මැදගම ජාතික පාසලෙන් 2020 වසරේ උසස් පෙළ විභාගයට කළා අංශයෙන් ඉදිරිපත්ව විශ්ව විද්‍යාල වරම් හිමිකරගෙන තිබේ.
ඇය විවිධ බාධක මධ්‍යයේ ඒ සමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් ලබමින් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින්නීය.
කෙසේ වෙතත් තම පවුලේ ආර්ථික තත්ත්වය යහපත් නොවන බැවින් තමන්ට ඉදිරියේදී රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඇය සඳහන් කරන්නීය.
“මම පදිංචි වෙලා ඉන්නේ අතිදුෂ්කර ගම්මානයක් වන මැදගම දිඹුල්දෙන ගම්මානයේ මගේ තාත්තා අම්මා කුලිවැඩ කරලයි මට ඉගැන්නුවේ
මට තව නැගණියන් දෙදෙනෙක් ඉන්නවා. උදේ 5.00ට අපි ගෙදරන් පාසල් ගියේ අපිට එදා වේල හොයාගන්න බෑ.
මම විශ්ව විද්‍යාල ගියාම අම්මට තාත්තට මට වියදම් කරන්න ශත පහක්වත් නෑ. ඒක නිසා මම විශ්ව විද්‍යාලයේ නොයා කුමක් හෝ පොඩි රැකියාවක් සොයාගෙන
අම්මා තාත්තා සහ නැගණියන් දෙදෙනා බලාගෙන ඉන්නවා” යැයි පැවසීය.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි


popular news
- 
                            Harsha ilangasinghe Thursday, 20 May 2021 05:20 PM If you want help for going I can give small support .. use this email address for future reference Reply : 0 26 Kumar Thursday, 20 May 2021 10:02 PM This young lady should send in the application before dropping out. There are lot of organizations that help people with hardships. Not going is like throwing away the winning lottery ticket. Reply : 0 10 Dulinda Thursday, 20 May 2021 11:51 PM මේ නංගිගේ විස්තර පල කරන්න. උදව් කරන්න ඕනෑ තරම් අය ඉදිරිපත් වේවි. Reply : 0 11 Gamini Siriwardana Friday, 21 May 2021 08:21 AM If she is willing to go to a university I can help her financially. You can contact me at the above e mail. I do not live in Sri Lanka. Reply : 0 14 P. M. K. Anura Friday, 28 May 2021 06:11 PM I will give some money monthly for her educational expensus but I do'nt expect to expose my other information ..So pl. include her account number only if she apply for the university entrance .. I also had that type of problem in my life Reply : 0 14 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                