මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට (31දා) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු අගොස්තු 01 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මෙම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන්ට, කණ්ඩායම්වලට හෝ ආයතනවලට එරෙහිව විභාග පනතට අනුව නීති මගින් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
මෙම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් ඒ පිළිබඳ 0112421111 හෝ 119 දුරකථන අංක මගින් පොලිස් මූලස්ථානයට හෝ 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 0112784208, 0112784537 යන දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවත්, එසේ නොමැති නම් ළඟම පොලීසියට දැනුම් දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
හෙට (31දා) රාත්‍රී 12.00න් පසු උසස් පෙළ විභාගයට අදාළව හා 01 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම, දේශන, සම්මන්ත්රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අත්පත්‍රිකා මගින් බෙදාහැරීම සහ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
