රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සලකා බලන වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම අදියර කිහිපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බවත්, රැකියා ලබාදීමේදී බාහිර උපාධිධරීන් ඉවත් කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පළමු අදියර දෙක යටතේ 2018 වසරේ රැකියා ලබාදීමට නියමිත අතර, අදියර තුන සහ හතර යටතේ ඉතිරි උපාධිධාරීන්ට 2019 වසරේදී රැකියා ලබාදීමට නියමිතය.