උප්පැන්නය,ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්රයට එකම අංකයක්
උප්පැන්නය,ජාතික හැඳුනුම්පත විදේශ ගමන් බලපත්ර යන තුනම සඳහා එකම අංකයක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බැව් ඌව සබරගමු කලාප භාර නියෝජ්ය රෙජිස්ට්රාර් ජනරාල් නිශ්ශංක විජේසිංහ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඌව සබරගමු පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් හා මොනරාගල දිස්ත්රික් රෙජිස්ට්රාර් කාර්යාලයේ සංවිධායකත්වයෙන් මොනරාගල දිස්ත්රික්කයේ කොට්ඨාස රෙජිස්ට්රාර්වරු දැනුවත් කිරීමේ වැඩසටහනට දිස්ත්රික් ලේකම් කාර්යාලීය ප්රධාන ශ්රවණාගාරයේදී (27) වෙනිදා එක්වෙමිනි.
"2020 වර්ෂයෙන් පසු උපන් පුද්ගලයින් සඳහා ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගෞරවනීය සේවයක් වන රෙජිස්ට්රාර් තනතුරේ ගෞරවය ආරක්ෂා වන පරිදි සියලු නිලධාරීන් කාර්යක්ෂම සේවාවක් ඉටු කටයුතු කළ යුතුයි.
දෙපාර්තුමේන්තුවේ ඉහළින් ගන්නා තීරණ,අණපනත්,නව චක්රලේඛන වල වෙනස්කම් පිළිබඳ හඳුන්වාදීම හා උපදෙස් ලබාදීමත්,ඒ තුළින් මහජනතාවට කාර්යක්ෂම හා විධිමත් සේවාවක් ලබාදීමත් අපගේ අරමුණයි.ඒ සඳහා සියලු රෙජිස්ට්රාර්වරුන් කැප විය යුතුයි.
තමන් වෙත සේවාවන් ලබා ගැනීමට පැමිණෙන අයට දෙවරක් පැමිණීමට ඉඩ නොතබා ඔවුන් රස්තියාදු කිරීම සිදු නොකර කඩිනමින් මහජන අවශ්යතාවයන් ඉටුකළ යුතුයි.සේවාලාභීන් සතුටු වන පරිදි ක්ෂණිකව නිවැරදිව ඔවුන්ගේ අවශ්යතාවයන් ඉටු කරන්න."
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

