උපෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අදියර තුනකින්
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අදියර තුනක් යටතේ සිදුකරන බවත්, පළමු අදියර මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් අදාළ කාලය තුළ පාසල් දොළහක් වසා තැබෙන අතර, පාසල් 26ක් අර්ධ වශයෙන් වසා තැබීමට නියමිතය.
එහෙත් අර්ධ වශයෙන් වසා දැමෙන පාසල් 26 සාමාන්‍ය ලෙස පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ දෙවැනි අදියර සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වාත්, තුන්වැනි අදියර සැප්තැම්බර් 24 සිට ඔක්තෝම්බර් 08 දක්වාත් පැවැත්වේ.
පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් වසා තැබෙන පාසල් සැප්තැම්බර් 16 වැනිදා ආරම්භ වන බවත්, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ 04 හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය විද්‍යාලය, රත්නපුර මහිදු විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, බදුල්ල ඌව මහා විද්‍යාලය යන පාසල් මෙලෙස වසා තැබේ.
පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් ඇගයීම් මණ්ඩල හාරසිය තිස්හයක් පිහිටුවා තිබෙන අතර, උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් හයදහස් නවසිය හැත්තෑහයක් සහභාගි වීමට නියමිතය.
උසස් පෙළ විභාගයේ අද (05දා) දිනයේන් ආරම්භ වූ අතර, මේ මස 21 වැනිදා දක්වා විභාග පැවැත්වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

