උපයෝගිතා කොමිසම කරන්නෙත් රංගනයක් ඒක අද ඉවර වෙනවා
විදුලිබිල වැඩි කිරීමට අදාල මහජන උපයෝගිතා කොමිසම රංගනය නිරතවන බවත් අවසානයේ දී සියලු පාර්ශව එකට එකතු වී විදුලි බිල වැඩි කිරීම සඳහා කටයුතු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරයි.
ඔහු සඳහන් කරනුයේ විදුලි බල මණ්ඩලය, අමාත්‍යාංශය මෙන්ම මහජන උපයෝගීතා කොමිසම යම් රංගනයක නිරතත වී සිදුකරන විදුලි බිල වැඩිවීම රටේ ජනතාවට කොතරම් දුරට දරගත හැකිවේද යන්න පිලිබඳව දැඩි ගැටළුවක් ඇතිවන බවයි.
"අද ජනමාධවල වාර්තා කරනවා විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම සාකච්ඡා කරමින් පවතිනවා කියලා අපි පැහැදිලිව ජනතාවට කියුවා මහජන උපයෝගීතා කොමිසම මේ කරන්නේ බොරුවක් කියලා. මහජන උපයෝගීතා කොමිසමත් විදුලිබල මණ්ඩලයත්, විදුලිබල අමාත්‍යාංශයත් මේ කරන රංගනය බොහෝ වෙලාවට අද අවසන් වෙන්න පුලුවන්.
මේක සිද්ධවෙන්නෙම විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් පෙන්නලා ඒ සම්බන්ධයෙන් මේ ආයතන තුනම රටට යෙදිලා ඒ ප්‍රමාණයෙන් වැඩි කරන්න දෙන්න බෑ කියලා එක් පාර්ශවයක් යම් මතයක් හදලා ඉදිරිපත් කරන එක දැන් අලුත්ම එක තමයි ඔහු කියන දේට සෙසු පාර්ශවයන් එකඟ වෙන්නේ නෑ කියන එක. අවසානයේදී අපි දන්නවා මේ පාර්ශව තුනම එක් තැනකට එකතු වෙනවා. ප්‍රශ්නේ තියන්නේ මේ රටේ ජනතාවට අගෝස්තු මාසයේදි විදුලි බිල වැඩි වුනාට පස්සේ නැවත වතාවක් විදුලි බිල වැඩි වුනාම ඒක දරාගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය."
තිසර ගංගාදර
popular news
-
Deepal Nirosh Wednesday, 15 February 2023 10:55 AM
උපයෝගිතා කොමිසම විතරක් නෙවෙයි, ඔය හැම සවාධින (?) කොමිසමම කරන්නෙ රංගනයක්. අන්තිමට මැතිවරණ කොමිසමට ඡන්ද තියන්න බැරි ස්වභාවික ආපදා නොවන හේතුත් තිබෙන්නෙ. පසුගිය මැතිවරණවල මුද්‍රණ කටයුතු වෙනුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 150ක්ලු. එදා එහෙම නම් අද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

