ඉරිදා දිනයන්හිදී උපකාරක පංති පැවැත්වීම පිළිබඳව ඉදිරියේදී ප්‍රථමයෙන් උපකාරක පංති පවත්වන ආචාර්යවරුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් දැඩි ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පෞද්ගලික උපකාරක පන්ති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වා ගැනීම පිළිබඳ ඊයේ (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව පැවැසීය.
ඉරිදා දිනයහන්හිදී උපකාරක පංති පැවැත්වීම හේතුවෙන් දරුවන්ට දහම් අධ්‍යාපනයට යොමුවීමට කාලයක් නොමැති බවට මේ වන විට සමාජයේ දැඩි විවාදයක් නිර්මාණය වී තිබේ.
උපකාරක පංති ගුරුවරුන් හා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව දහම් අධ්‍යාපනය අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් පිළිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව සොයා බැලීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දිනෙන් දින සමාජය තුළ හිස ඔසවන ප්රචණ්ඩත්වය, මවට පියාට, වැඩිහිටියන්ට නොසළක අධර්මිෂ්ට සමාජය බිහිවන්නේ වත්මන් පරපුරට නිසි දහම් අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
