උදය ආර් සෙනෙවිරත්න මහතා ජනපති ලේකම් ධුරයට
- 6 07 2018
- 15:01
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (06දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, මීට මාස කිහිපයකට පෙර එම ධූරයෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් අනතුරුව මෙම නව තනතුරට පත් කෙරිණි.
වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරමින් විශාල පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරියකු වූ ඒ මහතා මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, ඵලදායිතා ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ස්ථීර ලේකම්වරයා ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ මුදල් හා සැළසුම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතන පිහිටුවීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කළ සෙනෙවිරත්න මහතා සිය සේවා කාලය තුළ දැවැන්ත ව්‍යාපෘති රැසකට නායකත්වය ලබා දී ඇත.
කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ ම ජනසන්නිවේදනය පිළිබද විද්‍යාපති උපාධිය ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

