උතුරේ සිට ඉන්දියාව දක්වා භාණ්ඩ හා මගී ප්‍රවාහනයට සැලසුම්
කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරායන් දක්වා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ඇරඹීමේ මූලික කාර්යයන් මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා මූලික අදියරේ කටයුතු මේ වනවිට ආරම්භව ඇති අතර, තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස්කිරීමට නියමිතය.
කන්කසන්තුරේ වරාය නවීකරණයේදී දැනට ඇති ජැටිය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර, වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167ක් දිගැති, මීටර 22ක් පළලැති නව ජැටියක්ද ඉදිකෙරෙනු ඇත. එහිදී දිය කඩනයද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. ඒ අනුව මෙම කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ප්‍රතිපාදන ලැබෙනු ඇත.
කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක්ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිත අතර, කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරලීමේ සැලසුම්ද සංචාරක අමාත්‍යාංශය විසින් සකස් කරනු ඇත.

popular news
-
Champa Wednesday, 20 February 2019 01:08 AM
මේ තමයි ඒ දවස්වල ඉඳන් කරන්න හදපු ETCA ගිවිසුම. මේකට විරුද්ධව 2015 ඉඳන් මොන තරම් මිනිස්සු කෑගහව්වද? අද මම විතරයි වගේ ඉන්නේ විරුද්ධව කතා කරන්න. අනිත් ඔක්කොම deal දාගෙන.රනිල්ගෙයි මෛත්‍රිගෙයි රිලා නැටුම් දිහා බලා ඉන්නවා මිසක් දැන් ලංකාවේ 45%කට වඩා කර්මාන්ත විදේශිකයන් අතේ. වරායවල් විදේශිකයන් අතේ. මේක දුන්නහම ඊට පස්සේ ඉන්දියාව පලාලිත් ගන්නවා. KKS එක ඉන්දියාවට දෙන්න ඉස්සෙල්ල මහින්ද ඉන්දියාවට ගියා. මම හිතනවා බැසිල් යැව්වේ කියල. ඒ මොකොද KKS දෙනවට එන විරෝධය නවත්තන්න. මේ වගේ දෙක තුනක් මීට කලිනුත් වුනා. හැබැයි රනිල්මොන ගිවිසුම මොකා එක්ක ගැහැව්වත් කල් තියෙන්නේ නැහැ. ඒ මොකොද රනිල් මෛත්‍රී ඉන්න පක්ෂ වලින් මිනිස්සු ආයේ ජනාධිපති කෙනෙක් තෝරන්නේ නැහැ. පොහොට්ටුවෙනුත් නැහැ. ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙකුත් නෙමෙයි. යන්නකෝ ඔහොම. ඕනේ බූරුවෙකුට තේරෙනවා මෛත්‍රී කරන්න හදන්නේ ඊළඟ ජනාධිපති සහ අගැමති මූලික ආණ්ඩුව යන දෙකම යූඑන්පී එකෙන් තෝරාගන්න කියල. උදාහරණ දෙන්න පුළුවන්. සමහර විට කවුරුවත් නොහිතන උදාහරණ වෙන්න පුළුවන්. මෛත්‍රී කවදාවත් මේ පැත්තට තනි ආණ්ඩුවක් ආයේ හැදෙන්න දෙන්නේ නැහැ. ජනාධිපතිවරණෙ ලං වෙනකොට බලන්න පුලුව්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
