උතුරු මැද හිටපු මහ ඇමතිට විදුහල්පතිවරයෙකුට වන්දි ගෙවීමට නියම වෙයි
අනුරාධපුර නිවන්තකචේතිය මහා විදුහලේ පැවති උත්සවයකදී බුලත් අතක් දී තමන් පිළිනොගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී, තර්ජනය කර ස්ථාන මාරු කළ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතාට එම විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) නියෝග කළේය.
මෙම සිදුවීමෙන් විදුහල්පතිවරයගේ මූලික අයිතිවාසිකම් කඩකොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළ අතර ඊට අමතරව රජයේ මුදලින් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙස රජයට නියම කළේය.
එසේම මාස දෙකක් ඇතුළත අදාළ විදුහල්පතිවරයා අනුරාධපුර නිවන්තකචේතිය මහා විදුහලේ විදුහල්පති තනතුරේම පිහිටුවන ලෙසටද බලධාරීන්ට නියම කළේය.
නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.
ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
-
Champa Thursday, 28 June 2018 03:14 PM
Excellent verdict. We hailthe Principal who had the backbone to go before the Courts and seek justice. Now, how about the Chief Minister UVA? Why doesn’t the same law applies to him and same justice for the female Principal? I don’t believe the justice is served based on gender as the complainant is a female.
Reply : 0 0
Hämatoms Thursday, 28 June 2018 06:30 PM
ගූඩ් Maha ඇමතිව මස 6 හිරේ අරින්න One.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

