වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු නාගරාන්තර ශිඝ්රගාමි දුම්රියක් අද (08දා) උදැසන වව්නියාව අවුසදපිටිය ප්රදේශයේ දී පීලිපැනීමකට ලක් ව ඇති බව වව්නියාව දුම්රිය ස්ථානය පවසයි.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර කිහිපයක් නවතා ඇති බවද දුම්රිය ස්ථානයේ නිලධාරීන් පැවසූහ.
හැකි ඉක්මනින් පීලි පනින ලද දුම්රිය පීලිගත කිරීම් සිදුකිරීමට නියමිත අතර, දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රියේ ගමන් සිදු කල මගීන් රැසක්ද දැඩි අපහසුතාවයට පත්විය.
