උතුරුමැද සභාපති ඩී.එම්. අමතුරංග ජීවිතක්ෂයට
උතුරු මැද පළාත් සභාවේ සභාපති වෛද්‍ය ඩී.එම්. අමරතුංග මහතා පෙරේදා (4 දා) අභාවප්‍රාප්ත විය.
පළාත් සභා සභාපතිවරුන්ගේ රැස්වීමක් සඳහා රැසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගොස් සිටි ඒ මහතා, එහිදී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රුසියාවේ සකුශියා රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
දේශීය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අමරතුංග මහතා, 1994 වසරේදී, රඹෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරමින් දේශපාලනයට එක්විය.
ඒ මහතාගේ දේහය රුසියාවේ සිට ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත්, අවසන් කටයුතු කරන දිනය පිළිබඳව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවැසුවේය.

popular news
-
චමින්ද Sunday, 05 May 2019 04:51 PM
මෙතුමා දේශීය වෛද්‍යවරයෙක්.අතිපූජ්‍ය සෝම හිමියන් දේශය වෙනුවෙන් කථාකල හිමිනමක්.දෙදෙනාම අසනීපව මෙලොව හැරගියේ ඔයකියන රටේදී නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

