උතුරට ඇ.ඩො.මි 7. 5ක අපනයන මත්ස්‍ය කර්මාන්ත කලාපයක්
අපනයනය සඳහා තවත් මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ ඇතිකිරීම සඳහා වන ආයෝජනයක් සඳහා ඉන්දීය ආයෝජකයන් පිරිසක් එකඟත්වය පළ කොට තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමග ඉන්දීය ආයෝජකයන් පිරිසක් එම අමාත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා මෙලෙස එකඟත්වයට පැමිණ තිබේ.
මෙහිදී එම ආයෝජකයන් පවසා ඇත්තේ ඇමරිකාව ඇතුළු රටවලට අපනයනය සඳහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ඉස්සන් , කකුළුවන් ඇතුළු මත්ස්‍යයන් වගා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7. 5ක ආයෝජනයක් කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.
එහිදී මෙම මත්ස්‍ය වගා සහ නිෂ්පාදන කර්මාන්ත පුරය අක්කර 500ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කිරීමටත් එමගින් නව රැකියා 800ක් සහ වක්‍ර රැකියා 2000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ සඳහා වන ව්‍යාපෘති වාර්තාව සතියක් ඇතුළත අමාත්‍යාංශයට ලබා දීමට කටයුතු කරන බවත් එහිදී එම ආයෝජකයන් පිරිස කැමැත්ත පළ කොට තිබේ.
ඒ අනුව මෙම මත්ස්‍ය වගාව සහ නිෂ්පාදන කර්මාන්ත පුරය සඳහා සුදුසු ප්‍රදේශයක් උතුරු සහ දකුණු පළාත් ආශ්‍රිතව හඳුනාගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අදාළ ව්‍යාපෘති වාර්තාව ලැබුණු වහාම එය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර අදාළ ආයෝනයට රජයෙන් ලබාදිය හැකි සහාය ලබාදීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදේස් ලබාදී තිබේ.

popular news
-
Champa Wednesday, 25 July 2018 02:09 AM
මේකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. මේ හදන්නේ ඉන්දියාවට උතුරේ පාලනය සම්පූර්ණයෙන්ම දෙන්න. උතුරේ වරායවල් ඔක්කොම ඉන්දියාවට. උතුරේ ඉඩම් ඉන්දියාවට. උතරේ ගෙවල් හදිල්ලත් ඉන්දියාවට. උතරේ මත්ස්‍ය සම්පත් ඔක්කොම ඉන්දියාවට. මත්තලත් ඉන්දියාවට. ඇම්බියුලන්ස් ඉන්දියාවට. යකෝ මොකොටද ලංකාවට ආණ්ඩුවක් රටේ තියෙන හැම සම්පතක්ම ඉන්දියාවට පාලනය කරන්න දෙනවා නම්? විමල් කියන එක හරි. එට්කා ගිවිසුම අත්සන් නොකලට ඒකේ තියෙන දේවල් ඔක්කොම වෙනවා. බලා හිටය ඇති. අපේ දේශීය ව්‍යාපාරිකයෝ ඔහොම උඩ බලන් ඉඳලා හරි යන්නේ නැහැ. හර්තාල් කරලා කැරලි ගහල හරි වහල් ආණ්ඩුව ඉන්දියාවට රට විකුණන එක නවත්තන්න ඕනේ. චීනෙට දුන්න වගේ නෙමෙයි ඉන්දියාවට දුන්නොත්. කිසිදවසක මේවා ගන්න බැහැ. හිතන්න එපා මේ ආණ්ඩුව ගිහින් වෙන ආණ්ඩුවක් අවහම මේවා ගන්න පුළුවන් කියලා. එතකොට මේ ගිවිසුම් වලට බලපාන්නේ ජාත්‍යන්තර නීති. මේවා ආපහු ගන්න නම් ඉන්දියාවත් එක්ක යුද්ධ කරන්න වෙයි. මේ සිද්ධ වෙන දේ හරිම භයානකයි. හිටපු ජනාධිපතිතුමා, විමල්, මිනිස්සුන්ව පාරට අරන් ඇවිල්ල මේකට තදබල විරෝධයක් දක්වන්න. සංවිධානය කරන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට ස්වේච්චාවෙන් එන්න කියන්න පාරට. කල් ගන්න එපා.
Reply : 0 0
Champa Wednesday, 25 July 2018 02:27 AM
රනිල් ෆෙඩරල් ව්‍යවස්ථාව, 20A සහ 'සාසන සංහාර පනත' ගේන්නේ මත්තල සහ උතුරේ වරායවල් ඉන්දියාවට දෙන එකගැන තියෙන අවධානය යට ගහන්න. මේකට අහු වෙන්න එපා. ව්‍යවස්ථාව අරක මේක රට ඇතුලේ වැඩක්. අපිට ඒවා නවත්තන්න පුළුවන් පාර්ලිමේන්තුව වට කරලා හරි. චන්දෙ නොතිබ්බොත් ඒකත් බලා ගත්තහැකි. ඉන්දියාවේ ප්‍රශ්නේ ඊට වඩා හුගක් බරපතලයි. ඉන්දියාව soft invasion එකක් කරනවා. මේක කිව්වේ 2016 ඉඳන්. මේ කියන්නේ හිටපු ජනාධිපතිතුමාට සහ JO එකට(විමල් හැර). ඉන්දියාවට බය වෙන්න එපා. ඉන්දියාව කොහොමත් මහින්දට ආයේ බලයට එන්න අකුල් හෙලනවා, ඒ නිසා ඉන්දියාවෙන් වැඩක් නැහැ. කරන්න ඕනේ දේ ලංකාවේ මිනිස්සු වෙලාවට කරයි. ඉන්දියාවට නවත්තන්න බැරි මිනිහෙක් රටේ ඊළඟ ජනාධිපති වෙයි. ඒ හින්දා ඉන්දියාව තරහ කරගෙන බැහැ කියන මෝඩ කතාව තවදුරටත් හිතන්න එපා. වහල් ආණ්ඩුව සූක්ෂම විදියට, ක්‍රමානුකූලව ලංකාව ඉන්දියාවේ පාලනයට නතු කරන එක නවත්තන්න. පරක්කු වෙන්න එපා. දේශපාලකයන් විතරක් නෙමෙයි, දේහීය ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, සඟ වේද ගුරු ගොවි කම්කරු රණවිරුවන් හැමෝම රට වෙනුවෙන් පාරට ගන්න. මිනිස්සු එනවා ස්වේච්චාවෙන්. මාස ගණන් කල්ගත කරන්න එපා. හෙට අනිද්දම පටන්ගන්න.
Reply : 0 0
Champa Wednesday, 25 July 2018 02:28 AM
ඇත්තම කිව්වොත් මට මේ දවස්වල නින්ද යන්නෙත් නැහැ මත්තල කතාවෙන් පස්සේ. ලංකාව මොන තරම් බරපතල තැනක්ද ඉන්නේ කියලා හිතන කොට හුඟක් බය හිතෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
