උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට නෝර්වේ රාජයෙන් ආධාර
2019 වසරේ සිට වසර 3ක කාලයක් සඳහා උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් නොර්වේ රජයෙන් නොවේජියානු මුදලින් රුපියල් මිලියන 60ක මුදල් ආධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත.
මේ අතර නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මැරියන් හේගන් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (06) දින උතුරු පළාතේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර එහිදී මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හමු වී බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණයක නිරත විය.
නොර්වේ රජයේ මුදල් ආධාර මත මුහමාලෙයි ප්‍රදේශයේ හලෝ ට්‍රස්ට් සහ මැග් නැමති රාජ්‍ය නොවන සංවිධාන විසින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වෙයි.
එහිදී ගෙවී ගිය 2018 වසරේදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බිම් බෝම්බ 94% ක ප්‍රමාණයක් ඉවත් කොට අවසන් වී ඇති අතර ඉදිරි වසර 3ක කාලය වනවිට බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් වශයෙන් හැඳින්වීමට හැකි වන බවට මෙහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතවන රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් පැවසූහ.


popular news
-
Champa Thursday, 07 March 2019 04:01 PM
Norway never condemned use of landmines and other explosives by LTTE.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

