උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක වැඩභාර ගනියි
උතුරුමැද පළාතේ දසවැනි ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා අද (07) පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි වැඩ භාර ගත්තේය.
උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ අධිනීතිඥ එම්.පි ජයසිංහ මහතාගෙන් පසුව හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරනු ලැබීය.
මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මැද පෙරවරු 10.32 ට යෙදුණ සුභ මොහොතින් වැඩභාර ගැනිමේ කටයුතු සිදු කළ අතර එම අවස්ථාවට වයඹ පළාත් නව ආණ්ඩුකාර පේෂල ජයරත්න, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශෙහාන් සේමසිංහ, ඉෂාක් රහුමාන්, චන්දිම මහින්දසෝම යන මහත්වරුන්,අනුරාධපුර නගරාධිපතිතුමන් ඇතුළු පළාත් පාලන ආයතන සභාපතිවරුන් මන්ත්‍රීවරුන් හා නව ආණ්ඩුකාරවරයාගේ බිරිද හා පුතු ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.


popular news
-
Mama Monday, 07 January 2019 03:15 PM
දේශපාලනේට අවහම තියෙන සැප බලන්න .අයිය බුරුමේ සැප ගන්නවා පාර්ලිමේන්තුවෙන් පැරදිලා . මලය ඉස්සෙල්ල මහා ඇමති දැන් ආණ්ඩුකාරය . අනේ මෙහෙම සැප දෙන නිදානයක් කොහෙන්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

