උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිළිපනි
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 සැතපුම් කණුව අසලදි පිළි පැනිමට ලක් වි ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද (20) පස්වරු 3ට පමණ එම දුම්රියේ පසුපස නැරඹුම් මැදිරිය පිළි පැන ඇති බවයි පාලක මැදිරිය පැවසුවේ.
නැරඹුම් මැදිරියේ බොගිය ගැලවි ගොස් ඇති අතර දුම්රිය පිළි පැනිමෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදු වි ඇත.
පිළි පැනිමට ලක්වු දුම්රිය මැදිරිය ගලවා සෙසු මැදිරි සමග විශේෂ දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.
පිළි පැනිමට ලක්වු දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
පිළි පැනිමට ලක්වු දුම්රිය මැදිරිය පිලිගත කරන තෙක් එම මාර්ගයේ ධාවනය වන දුම්රියන් නාවලපිටියේ සිට රොසැල්ල දක්වාත් , බදුල්ලේ සිට හැටන් දක්වාත් ධාවනය කරවන බවයි පාලක මැදිරිය පැවසුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

